Saturday, October 3, 2015

ආදරය කාලකන්නිද?






The sacrifices you make for her...
Some day,
you will do the same
For her children.
Irrespective of who their father is.

ඒ තරම් කාලකන්නියි ආදරය....


Monday, August 10, 2015

Happiness Function





Doesn't matter what I achieve in my life, I won't be a happy person without your Love.

Tuesday, August 4, 2015

Hell





What the hell am I doing with my heart?
Why the hell I can't live without a heart?
When the hell am I going to get my life back?
How the hell this happened to me?
Who the hell did this to me?
Where the hell she is?

පළඟැටියා




කිසිදා හිමි නොවනා බව
දැන දැනත්,
ඔබේ රශ්මියටම
නැවත නැවත
ඇදී යන
පළඟැටියා මමයි.



Happiness




How can I be happy without you?
How can my happiness not depend on you?
I have to move on.
I have to learn to live without you,
While still loving you.

Tuesday, July 28, 2015

සැමදා...


නුඹ අදහස් කළේ කුමක්දැයි 
නොදනිමි.
එහෙත් ප්‍රේමියේ...
සැමදා පැතුවේ
ඔබ පමණයි.
සැමදා පතන්නෙ
ඔබ පමණයි.


Saturday, July 25, 2015

කාලකන්නිකම


බෑ තරහ ගන්නට
නුඹ සමඟ
බෑ තරහ වෙන්නට
නුඹ සමඟ

දෑ අවුරුද්දක් 
වෙහෙසුනා මම
නුඹව
අමතක කරන්නට

සිදුවූයේ
මා
මගෙන්ම පළිගැනීමයි
අහෝ කාලකන්නිකම !



Thursday, July 23, 2015

පිස්සා..




පිස්සෙකි
මා
පිස්සෙකි
මහ සෙනඟ මැද
ඔබ සිහිකරමින්
තනිව සිනාසෙන

පිස්සෙකි
මා
පිස්සෙකි
ගමනේදී
ඔබ සිහිකරමින්
පෙම් ගී මුමුණන

පිස්සෙකි
මා
පිස්සෙකි
තෙලබනුවට නෙත්‍ යොමා
ඔබ සිහිකරමින්
ඊළඟ හසුන බලාපොරොත්තු වන

Wednesday, July 22, 2015

පරදින මැච් ගහන මම


මම දන්නවා මේ මැච් එක දිනන්න තියෙන ඉඩ බොහොම අඩුයි. ඒත් මම දිගටම බැට් කරනවා.

ඔයා මට කැමති වෙන්න තියෙන ඉඩ 0.1% ක් වුනත්, මම ඔයාට දිගටම ආදරය කරනවා. ඒ පෙරළා ඔයාගෙන් කිසිවක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.

සමහර වෙලාවට අනාගතය ගැන හිතනකොට මගෙ පපුව ඇතුළෙන් දැවිල්ලක් එනවා.. සමහරු පපුව හෝස් ගාලා යනව කියන්නෙ ඒක වෙන්න ඇති. කවද හරි දවසක ඔයා කෙනෙක්ට ආදරය කරයි. ඒ කෙනා මම වෙන්න තියෙන ඉඩ අල්පයි. ඔයා මට ඔයාගෙ මඟුල් ගෙදරටත් ආරාධනා කරයි. මට එදාට වැටෙන්න බොන්න හිතෙයි සමහර විට. හැබැයි, මට එක්තරා උතුම් අරමුණක් තිබෙන නිසා මම බොන එකක් නෑ. කවුරුත් මගෙ වේදනාව දැනගන්න එකකුත් නෑ.

ඔයා ගැන හිතනකොට පපුවේ ඇතිවුන ඒ වේදනාවෙන් තමයි මම තේරුම් ගත්තෙ ආදරය දැනෙන්නේ හදවතට කියලා. ඒ නිසා ගණිතය ඉගෙනගත්, තර්කානුකූලව හිතන මම තීරණය කළා හදවතට ඇහුම්කන් දෙන්න. හදවත හරිම මෝඩයි තමයි. ඒත් මම දැන් විශ්වාස කරන විදියට මොළය තියෙන්නෙ, බුද්ධිය භාවිතා කරලා හදවතට අවශ්‍යය දේ ඉටුකරලා දෙන්න.

තර්කානුකූලව නම් කරන්න පුළුවන් හොඳම දේ ඔයාව අමතක කරල, ඔයාගෙන් ඈත් වෙන එක. පසුගිය අවුරුදු 2 විතර මම එහෙම කරන්න උත්සාහ කළත්, මට තේරුණා ඒකෙන් විඳවීම වැඩි වෙනවා විතරයි. ඔයා ගැන තරහක් ඇතිකරගන්න බෑ මට. ඒකෙන් රිදෙන්නෙ මාව මයි. ඉතිං මම තීරණය කරනවා ඔයා මට ආදරය කළත් නැතත්, දිගටම මම ඔයාට ආදරය කරන්න. ඔයා මොන තීරණය ගත්‍තත්, මගේ ආදරය  ඒ විදියටම තියෙයි. ලෝකෙ සමහරු ආදරය කළාට, ආදරය ලබන්න තරම් වාසනාවන්ත නැහැ.

ත්‍රස්ථවාදියාගේ ආදරය


ආදරය
C4 හා ටයිමරයක් වැනිය
ඔබ
හදවත ආදරයෙන් පුරවා ගනී
කෙදිනක හෝ
හදවත
පුපුරා යෑම
කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි


හදවතේ ප්‍රජාතන්ත්‍රවාදය



මා හදවත අයිති මටයි
පෙම් කිරීම එයට කැපයි
ඔබෙන් පෙමක් මා නොඅයදියි
ඔබේ සතුට මගේ සතුටයි

ඇය...



සියලු ගින්දර ඇගේ වදනකින්
නිවිය හැක
ඇගේ වදනකින් ඇවිලුණු ගින්දර
කිසිවකින් නිවිය නොහැක